කාලගුණයේ නවතම තත්ත්වය

Friday, 29 November 2024 - 15:55

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 29 වැනි දින පෙ. ව.05.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 260ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 305 පමණ නැගෙනහිර දෙසින් පවතිනවා.

එය වයඹ දෙසට ගමන් කර සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළට දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුරු පළාතේ දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි.


එමෙන්ම උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහදකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories