බලයෙන් පහකළ හසීනාගෙන් බංග්ලාදේශ රජයට පණිවිඩයක්

Friday, 29 November 2024 - 17:48

%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
බංග්ලාදේශයේ බලයෙන් පහකළ අගමැතිනි ෂීක් හසීනා එරට හින්දු පූජකයෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.

ඒ චින්මෝයි ක්‍රිෂ්ණා දාස් නැමති හින්දු පූජකවරයෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ ඇති වූ විරෝධතාවක් අතරතුර ඇති වූ ගැටුම්වල දී ඝාතනයට ලක්වූ නීතිඥවරයෙකුගේ මරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.

“සනාටන් ආගමික ප්‍රජාවේ ඉහළ නායකයෙකු අසාධාරණ ලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු වහාම නිදහස් කළ යුතුයි. චිතගොං හි කෝවිලක් ගිනි තබා තිබෙනවා. මීට පෙර, අහමදියා ප්‍රජාවගේ පල්ලි, සිද්ධස්ථාන, පල්ලි, ආරාම සහ නිවාසවලට පහර දී, විනාශ කර, කොල්ලකෑම් සහ ගිනි තබා තිබෙනවා." යනුවෙන් සඳහන් කළ ඇය වැඩිදුරටත් පවසන්නේ, සියලු ජන කොටස්වල ජනතාවගේ ආගමික නිදහස සහ ජීවිත හා දේපළ සුරක්ෂිතභාවය තහවුරු කළ යුතු බවයි.

ආර්ථිකය සහ නීතිය හා සාමය හැසිරවීමට බංග්ලාදේශයේ අන්තර්වාර රජයට ඇති හැකියාව පිළිබඳව බරපතල කනස්සල්ලක් මතු කරන හසීනා, “වර්තමාන බලය අල්ලා ගන්නන් සෑම අංශයකින්ම අසාර්ථක බව පෙන්නුම් කරනවා.

මේ අතර, එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල පාලනය කරන්න වත්මන් පාලනයට නොහැකි වී ඇති බවත්, ජන ජීවිතවල ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් වීමත්, සාමාන්‍ය ජනතාවට සෘජුව සහ වක්‍රව සිදු කරන වධහිංසා ද ඇය විසින් දැඩි ලෙස අදාළ ප්‍රකාශය හරහා ඇය විසින් හෙළා දැක තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories