රජයෙන් නියෝග මත රැඳවුම් භාරයේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු වන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා, කොළඹ ත්‍රස්තවාදී විමර්ශන ඒකකය විසින් අද (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාත ගත කෙරුණා.
මෙම සැකකරු පාතාල නායක හරක්කටාට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පළා යාමට සැලසුම් කළ පුද්ගලයා ලෙසයි සැලකෙන්නේ.
මොහු ඒවා ක්‍රියාත්මක කර තිබුණේ ඩුබායි හි සිට බවයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ.
මොහු මීට පෙර ඩුබායි හි සමාජ ශාලාවක ඇති කර ගත් ගැටුමකදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
මිදිගම රුවන් ජාත්‍යන්තර ඉන්ටර්පොල් පොලිසියේ රතු නිවේදන ලැයිස්තුවේ සඳහන් අපරාධකරුවෙකු ද වනවා.
මීට පෙර කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ පොලිස් අධිකාර්වරයෙකු යටතේ විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගොස් මිදිගම රුවන් එරට ආරක්ෂක අංශ මගින් භාර ගෙන මෙසේ කටුනායක ගුවන් තොටුපලින් රැගෙන මෙරටට රුගෙන පැමිණියා.

Follow US
Most Viewed Stories