බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් වන ලකුණු (වීඩියෝ)

Friday, 29 November 2024 - 18:13

%E0%B6%B6%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි පැය 03 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් තමිල්නාඩු වෙරළට දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය නිවේදනයක් මඟින් සඳහන් කරනවා.

මේ හේතුවෙන් උතුරු පළාතේ දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

අද (29) පස්වරුව පමණ වනවිට ගැඹුරු පීඩන අවපාතය ත්‍රිකුණාමලයට කිලෝමීටර් 290 ක් පමණ සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 300 පමණ ඊසාන දෙසින් පිහිටා තිබුණා.

ඉදිරි පැය කිහිපය තුලදී දිවයිනේ උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවත්, උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත්, සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories