දොඩංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමගොඩ, වත්තෙ ගෙදර ප්‍රදේශයට ඊයේ අළුයම් කාලයේදී ඇදහැලුනු අධික වර්ෂාවත් සමග ඇතිවූ සුලං තත්වයත් හේතුවෙන් නිවසක් මතට දෙල් ගසක අත්තක් කඩා වැටී තිබෙනවා.
ඒ හේතුවෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයින් ජීවිත බේරාගෙන ඇත්තේ නිවසේ සුරතලයට සිටි සුනඛයා නිසා බවයි නිවෙස් හිමියා පවසන්නේ.
අලුයම 2ට පමණ නිවෙස් හිමියා නිදා සිටි කාමරයේ ඇඳ ළඟට පැමිණ මදුරු දැල කටින් ඉරාදමා නිවෙස් හිමියාගේ සරමෙන් ඇද ඔහු නැගිට්ටවා නිවසේ ඉදිරිපස බිරිඳ සහ දරුවන් නිදා සිටි කාමරය දෙසට සරමෙන් ඇදගෙනම කැඳවාගෙන යාමට මේ සුනඛයා කටයුතු කර තිබෙනවා.
ඊට සුළු මොහොතකට පසු දෙල් ගසේ අත්ත නිවසේ වහලයට කඩාවැටී නිවසේ මුළුතැන්ගෙයෙහි බිත්ති ඇඳ මතට කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ මොහොත වන විටත් සියලු දෙනාම සුනඛයාගේ හැසිරීම හේතුවෙන් අවදිවී සිට ඇති අතර ඔවුන් මෙම විපතෙන් බේරාගන්නට ඒ සුනඛයාට හැකිව තිබෙනවා.

Follow US
Most Viewed Stories