දකුණු අප්‍රිකානුවෝ ඉනිම අත්හිටුවයි; ශ්‍රී ලංකාවට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක්

Friday, 29 November 2024 - 18:38

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%9D+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92%3B+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+516%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (29) දිනයේදී දෙවෙනි ඉනිමට පන්දුවට පහරදෙනු ලැබූ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 366ක් රැස් කර ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සියල්ලන්ම දැවී ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය අවස්ථාව බවට පත්වීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාවට දෙවෙනි ඉනිමට දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 366ත් සමඟින් ලකුණු 516ක ඉලක්කයක් හිමියි.

පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ Tony de Zorzi ලකුණු 17ක්ද, Aiden Markram ලකුණු 47ක්ද, Wiaan Mulder ලකුණු 15ක්ද රැස් කළා.

එමෙන්ම අගනා ඉනිමක් ක්‍රීඩාකළ Tristan Stubbs පන්දු 221කදී ලකුණු 122ක්ද, නායක බවුමා පන්දු 228කදී හයේ පහරවල් 09ක් සමගින් ලකුණු 113ක්ද රැස් කරමින් ටෙස්ට් ශතකය බැගින් වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 02 බැගින් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories