මාතලේ - කුරුණෑගල, ඕවිලිකන්ද ප්‍රධාන මාර්ගයේ දෙල්විට පොලිස් ප්‍රදේශයේදී බඹරගහකන්ද නායයාමෙන් මාතලේ - කුරුණෑගල මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.
බඹරගහකන්දේ අක්කර 50ක් පමණ මෙලෙස නායයාමට ලක්ව තිබෙන අතර, බඹරගහකන්ද, කළුගහ තැන්න, උඩ තැන්න, යන ගම්මානයන්හි පවුල් තුන්සියයක ජනතාව නායයෑම හේතුවෙන් අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි හිරු ප්‍රවෘත්ති අප වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව, එම පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන තිබෙනවා.
මාතලේ - කුරුණෑගල ඕවිලිකන්ද මාර්ගය මෙම නායයෑමෙන් අඩි 15ක පමණ පස් කන්දකින් යටවී ඇති අතර, ප්‍රදේශයේ විදුලිබලයද මේ වනවිට ඇනහිට තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories