තායිවානයේ සන්නද්ධ හමුදාව ඒකාබද්ධ ගුවන් ආරක්ෂක අභ්‍යාසයක් පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, චීනය තුන්වන වටයේ මහා පරිමාණ යුධ අභ්‍යාසයකට සූදානම් වන බවට වාර්තා පළවීමත් සමගයි.
ඒ අනුව අදාළ ඒකාබද්ධ ගුවන් සහ මිසයිල ආරක්ෂණ අභ්‍යාසය සඳහා ගුවන් යානා, නාවික යාත්‍රා සහ ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති යොදවා ඇතියි බවයි තායිවානයේ ගුවන් හමුදා අණදෙන නිලධාරියා උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මෙම කාර්තුමය අභ්‍යාස, කලින් Lien Hsiang ඒකාබද්ධ හමුදා අභ්‍යාසය ලෙස හඳුන්වනු ලැබුවා.
නවතම ගුවන් ආරක්ෂණ අභ්‍යාසය සඳහා තායිවාන ගුවන් හමුදාවේ ප්‍රධාන ප්‍රහාරක ජෙට් තුන Mirage 2000, F-16, C-130 ප්‍රවාහන ගුවන් යානා සහ ගොඩබිම් පදනම් වූ ගුවන් ආරක්ෂක මිසයිල ඒකක ඇතුළත්.
මෙම ගුවන් අභ්‍යාසයේදී තායිවානය "ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ රේඛාව" වන නැගෙනහිර තායිවානයේ නාවික සැතපුම් 24 (කිලෝමීටර 44) යාබද කලාපයේ ගුවන් අවකාශයේ ආරක්ෂාව තහවුරු කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
ඔක්තෝම්බර් මාසයේදී තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් අභ්‍යාස පැවැත් වූ Liaoning වැනි චීන ගුවන් යානා ප්‍රවාහන නෞකාවලින් දියත් කරන ලද Shenyang J-15 ප්‍රහාරක ජෙට් යානා වර්ගවලට ප්‍රතිචාර දැක්වීමට තායිවානයේ නැඟෙනහිර හමුදාවන්ට ඇති හැකියාව මෙම අභ්‍යාසය මගින් පරීක්‍ෂා කළ බවයි පැවසෙන්නේ.

Follow US
Most Viewed Stories