උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් රැගෙන එයි

Friday, 29 November 2024 - 19:34

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අ.පො.ස. උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම අද (29) පස්වරුවේ සිදු කෙරුණා.

ඒ අනුව, අයහපත් කාලගුණයේ බලපෑම හේතුවෙන් කල් දැමූ උසස්පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර ශ්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් නැවත උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය වෙත රැගෙන ඒම සිදු කළා.

මෙලෙස රැගෙන එනු ලැබුවේ ඩෙල්ෆ්, වෙල්ලඩි, නාගදීපය යන ප්‍රදේශන්හි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන වෙත ලබා දී තිබූ ප්‍රශ්න පත්‍රයන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories