කෙහෙළිය ගැන හිටපු ඇමතිලා CIDයට කියූ කතා අධිකරණයේ දී එළියට එයි

Friday, 29 November 2024 - 21:05

%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+CID%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
රටේ ඖෂධ හිගයක් ඇතිවිම වැළැක්වීම සදහා හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව විශ්වාස කර ඊට අනුමැතිය ලබාදුන් බව හිටපු අමාත්‍යවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධියට අදාළ නඩුව අද (29) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවූ අවස්ථාවේදී මේ බව අනාවරණ වුණා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙනැවිත් රජයේ රෝහල් වලට බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති මෙම නඩුවට අදාළව හිටපු ජනාධිපති මෙන්ම හිටපු මුදල් ආමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍ය ටිරාන් අලස්, හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, සහ හිටපු අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරියේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවමට නියමිතයි.

එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරු 18 දෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළද මේ දක්වා මෙම පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා නොදුන් බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අද (29) අධිකරණයට දැනුම් දුන්නේ.

මෙහිදී මලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළේ, ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන එහි වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග ඇතුලු 13 දෙනෙකු දැනට මීට අදාළව ප්‍රකාශ ලබාදී තිබෙනවා.

මේ දක්වා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශ ලබා දුන් හිටපු අමාත්‍යවරු 15 දෙනාගෙන් ලබා ගත් ප්‍රකාශ වල සම්පිණ්ඩන වාර්තාවක් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම අද අධිකරණයට ඉදිරිපත් කළා.

මෙහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 12 දෙනාම අධිකරණය හමුවේ පෙනී සිටි අතර පලමුවන සැකකරු වන සමාගම් හිමිකරු සුදත් ජනක පෙරේරා බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පලමු සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලා සිටියද ඇප ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය

දෙසැම්බර් 13 දක්වා පලමු සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

සෙසු සැකකරුවන් 11 දෙනාට ලබන වසරේ පෙබරවාරි 21 නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories