සංචාරක ශ්‍රි ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද (29) දිනය නිමාවට පත්වන විට දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 103ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඒ කඩුළු 05ක් දැවී යාමෙන්.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හෙට දිනයේදී දෙවෙනි ඉනිම සඳහා ලකුණු 414ක ඉලක්කයක් හිමියි.
පැතුම් නිශ්ශංක ලකුණු 23ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු 04ක්ද, ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 25ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 10ක්ද, ප්‍රභාත් ජයසූරිය එක් ලකුණක්ද රැස් කළා.
අද දිනයට තරගය නවත්වන විට නායක ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා.
දෙවෙනි ඉනිමට පළමුවෙන් පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 366ක් රැස් කර ගැනීමට සමත් වුණා.
දකුණු අප්‍රිකාව පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 42කට සියල්ලන්ම දැවී යාම හේතුවෙන් දෙවෙනි ඉනිමට දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 366ත් සමඟින් ලකුණු 516ක ඉලක්කයක් හිමි වුණා.
පන්දුවට පහරදීමේදී දකුණු අප්‍රිකා කණ්ඩායමේ Tony de Zorzi ලකුණු 17ක්ද, Aiden Markram ලකුණු 47ක්ද, Wiaan Mulder ලකුණු 15ක්ද රැස් කළා.
එමෙන්ම අගනා ඉනිමක් ක්‍රීඩාකළ Tristan Stubbs පන්දු 221කදී ලකුණු 122ක්ද, නායක බවුමා පන්දු 228කදී හයේ පහරවල් 09ක් සමගින් ලකුණු 113ක්ද රැස් කරමින් ටෙස්ට් ශතකය බැගින් වාර්තා කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුළු 02 බැගින් සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.

Follow US
Most Viewed Stories