2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවයි (නිවේදන)

Friday, 29 November 2024 - 21:34

2024+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%29
වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 2024 ඔක්තෝම්බර් මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 1,158 දක්වා වැඩි වී තිබෙනවා.

එය ප්‍රතිශතයක් ලෙස පසුගිය වසරට වඩා 24.8% කින් වැඩිවීමක් බවයි මහ බැංකුව පවසන්නේ.

මේ සඳහා මූලික වශයෙන් කාර්මික සහ කෘෂිකාර්මික අපනයන මගින් මෙහෙයවනු ලබන වෙළඳ භාණ්ඩ අපනයනයෙන් බලපා ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, 2024 ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 10,676ක් වූ අතර, 2023 වර්ෂයේ එම කාලසීමාව තුළ උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 9,910ක්.

එම නිවේදනය මෙතැනින් කියවන්න



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories