ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු හෘදයාබාධයකින් පිටියේදීම ජීවිතක්ෂයට පත්වෙයි

Friday, 29 November 2024 - 21:58

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ පූනේහී ගාවර් ක්‍රීඩාංගනයේ පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ක්‍රීඩකයකු මියගොස් තිබෙනවා.

ඉම්රාන් පටෙල් නම් 35 හැවිරිදි මෙම ක්‍රීඩකයා තරගය අතරතුර ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ආරම්භක පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදීමට පිටියට පිවිස ඇති මෙම ක්‍රීඩකයා, කෙටි වේලාවකින් සිය අත්වල සහ පපුවේ වේදනාවක් ඇති බවට දන්වා තිබෙනවා.

ඔහුට ඇතිවූ හදිසි අසනීප තත්ත්වය මත නැවත පිටියෙන් ඉවත්වීමට විනිසුරුවන් අවසර දී තිබූ අතර ඉන් අනතුරුව ඔහු පිටියේම ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය ඉම්රාන් පටෙල් තුන් ඉරියව් ක්‍රීඩකයෙකු බවද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories