අම්පාර, කාර්තීව් මාවඩිපල්ලිය ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් සැඩ පහරට හසුවීමෙන් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව පොලිසිය කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ අදාළ ට්‍රැක්ටර් රථයේ තිහකට අධික පිරිසක් ගමන්කර ඇති බවයි.
අම්පාර - මාවඩිපල්ලිය පාලම මතින් ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් ඉකුත් 26දා පස්වරුවේ පෙරළී ගොස් තිබුණේ මද්‍රසා පාසලක් නිමවූ සිසුන් පිරිසක් නින්දවූර් සිට සමන්තුරෙයි දෙසට රැගෙන යමින් සිටියදීයි.
අනතුරින් පාසල් සිසුන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර අතුරුදන් වූ තවත් පාසල් සිසුවෙකු හා ට්‍රැක්ටර් රථයේ රියැදුරු සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අදාළ අනතුර සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.
අනතුර සිදුවූ දින පස්වරු 3.30ට පමණ අදාළ විදුහල්පතිවරයා සහ සිසුන් 11දෙනෙකු බස් රථයකින් සමන්තුරෙයි බලා පිටත්ව තිබූ අතර මාවඩිපල්ලිය පාලම සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසා බස් රථයේ රියදුරු ඒ හරහා ගමන් කිරීම ප්‍රතික්ශේප කර තිබුණා.
පසුව තමන් බස්රථය මාවඩිපල්ලිය පාලමට මදක් මෙපිටින් වූ කාර්තීව් පොලිස් මුරපොළ අසළ නතර කළ බවත්, අදාළ විදුහල්පතිවරයා සිසුන් 11දෙනා ඉන් බස්වා නැවත මාවඩිපල්ලිය පාලම අසලට රැගෙන ගිය බවත් බස්රථයේ රියදුරු පොලිසියට පවසා තිබෙනවා.
පසුව විදුහල්පතිවරයා විසින් ඒ අසළ නවතා තිබූ ට්‍රැක්ටර් රථයකට සිසුන් 11 දෙනා නංවාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 14 දෙනෙකු හා යතුරුපැදි දෙකක්ද ට්‍රැක්ටර් රථයේ පටවාගෙන තිබුණේ රුපියල් 500 බැගින් ගාස්තුවක්ද අයකර ගනිමින්.
මේ අතර ට්‍රැක්ටර් රථයේ රියදුරු වයස අවුරුදු 18ක තරුණයෙක් වන අතර ඔහුට රියදුරු බලපත්‍රයක් තිබුණේද යන්න පිළිබඳවත් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා, ගුරුවරයා සහ ට්‍රැක්ටර් රථයේ රිය සහයකයින් දෙදෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන සමන්තුරෙයි වැඩබලන මහසේත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ අතර විදුහල්පතිවරයා සහ ගුරුවරයා ලබන 02දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි නියෝග කර ඇත්තේ.
අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා 31 හැවිරිදි නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රිය සහයකයින් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025