වවුනියාව - පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩීම නිසා බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
නාවික හමුදාව එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු අද (30) සිට ආරම්භ කර තිබෙනවා.
කම්බිලිවැව සපත්තු පාලම කැඩීමෙන් පසුව ඒ හරහා ගමන් කළ ජලයෙන් කුඩා වැව් කීපයක් පිරී ඉතිරී වාන් දැමීමට පටන් ගැනීමත්, තවත් කුඩා වැවක වැව් කණ්ඩිය කැඩී ජලය ගලා ඒමට පටන් ගැනීමත් සමගම වැලිඔය, බෝගස්වැව කොහොඹගස්කඩ කෝන්වැව කොහොඹවැව ආදී ගම්මානවල විශාල පිරිසක් ඒ ඒ ගම්මානවලට කොටු වී සිටි බවද සඳහන්.
මේ වැසියන්ට අවශ්‍ය ද්‍රව්‍ය සොයා සපයා ගැනීමට නොහැකි නිසාත් සහනාධාර ප්‍රවාහනය කිරීම ඉතා දුෂ්කර වී ඇති නිසාත් නාවික හමුදාව බෝට්ටු කීපයක් යොදා ගෙන එම ගම්මාන වලට කොටු වී සිටින 6,200කට ආසන්න ජනතාව වෙනත් ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාම සිදුකෙරෙමින් පවතින බවද අප වාර්තාකරු සඳහන් කළා.
ගම්වාසීන් පවසන්නේ, මේ සපත්තු පාලම ඉතා අබලන් නිසා වසර විස්සක පමණ සිට මේ ස්ථානයට පාලමක් ඉදිකොට දෙන ලෙස කරණ ලද ඉල්ලීම් මෙතෙක් ඉටු නොවීම නිසා සෑම වර්ෂයකම වැසි කාලයටම ගම්වාසීන් මේ ආකාරයට පීඩා විඳින බවයි.

Follow US
Most Viewed Stories