තායිවානයට ආසන්න ජපන් දූපත් දාමයක් මත අතිනවීන මිසයිල ස්ථානගත කිරීමකට අමෙරිකාව සැලසුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම සැලසුම චීනය සහ එහි සමීප සගයා වන රුසියාව යන දෙඅංශයෙන්ම කෝපයට පත් කර ඇතැයි එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
මේ අතර ජපාන මාධ්‍ය වාර්තා අනාවරණ කරන්නේ, ජපානයේ නැන්සේ දූපත් වෙත අධි සංචලතා කාලතුවක්කු රොකට් පද්ධති (HIMARS) සහ අනෙකුත් ආයුධ යෙදවීමට අමෙරිකාව ජපානය සමඟ ඒකාබද්ධ හමුදා සැලැස්මක් සකස් කරමින් සිටින බවයි.
මෙම සැලසුම දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට අමෙරිකාව අපේක්ෂා කරන බව ද ඒවායේ වැඩිදුරටත් දැක්වෙනවා.
මෙම දූපත් දාමය ජපානයේ ප්‍රධාන දූපත්වල සිට තායිවානය දෙසට කිලෝමීටර් 200ක් දක්වා විහිදෙන අතර ප්‍රධාන එක්සත් ජනපද හමුදා පැවැත්මක් ඇති ඔකිනාවා ද ඊට ඇතුළත්.
තායිවානයට චීනයෙන් ආක්‍රමණයක් එල්ල වුවහොත් තායිවානය ආරක්ෂා කිරීමට අමෙරිකාවට මෙම මිසයිල භාවිතා කළ හැකි බවයි පැවසෙන්නේ.

Follow US
Most Viewed Stories