ප්‍රදේශ කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Saturday, 30 November 2024 - 16:36

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක් වෙත නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇගවීම හෙට පස්වරු 04 දක්වා යළි දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රීක්ක වෙත දෙවන මට්ටමේ අවදානමක් නිකුත් කිරීමටයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත්තේ.

මීට අමතරව කොළඹ, ගම්පහ, කුරුණැගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානමක් සහිත ප්‍රදේශ සදහාද යළි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා.

මේ අතර, ෆෙන්ගල් සුළි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කළද ඉදිරි පැය 36 දී දිවයිනේ ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එසේම පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සදහා නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 125ක් තවදුරටත් ස්ථානගත කර ඇති බව නාවික හමුදාව සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories