ඩර්බන් පිටියේ දී ශ්‍රී ලංකාවට ලකුණු 233ක අමිහිරි පරාජයක්

Saturday, 30 November 2024 - 17:07

%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+233%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී අමිහිරි පරාජයක් බුක්ති විඳින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 233ක පරාජයක් ලැබීමෙන්.

දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි පැවැති මෙම තරගයේ පළමුවට පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 191ක් වාර්තා කළා.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැගින් දවා ගත් අතර, විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කළේ ලකුණු 42ක් පමණි.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක දී වාර්තා කළ අඩුම ලකුණු සංඛ්‍යාවේ අමිහිරි වාර්තාව ලියා දෙමින්.

අනතුරුව පිටියට සිය දෙවැනි ඉනිම සඳහා පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 366කට සිය ඉනිම අත්හිටවූයේ, ජයග්‍රහණයට සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 516ක දැවැන්ත ඉලක්කයක් නිර්මාණය කරමින්.

එම ඉනිම තුළ දී දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා ලකුණු 113ක් සහ ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකුණු 122ක් බැගින් ලබා ගත්තා.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු එක් කඩුල්ලක් දවා ගත්තා.

එහි දී ද ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් එතරම් සාර්ථක නොවූ අතර, මැදපෙළ පිතිකරුවන්ගෙන් පමණක් යම් අස්වැසිල්ලක් කණ්ඩායම වෙත ලැබුණා.

එහි දී වටිනා ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 83ක් වාර්තා කළ අතර, නායක ධනංජය ද සිල්වා ලකුණු 59ක් වාර්තා කළා.

මීට අමතරව ශ්‍රී ලංකා ලකුණු පුවරුව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 48කින් දායක වුණා.

කෙසේ නමුත් එම දායකත්වයන් ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර, ශ්‍රී ලංකාවට ලකුණු 233ක අමිහිරි පරාජයකට මුහුණ දෙන්නට සිදු වුණා.

පන්දු යැවීමේ දී දෙවැනි ඉනිමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන්, මාකෝ ජැන්සන් කඩුලු 4ක් ලබා ගත්තේ ඔහු පළමු ඉනිමේ දී දවා ගත් කඩුලු 7ට අමතරවයි.

මීට අමතරව ජෙරාඩ් කොයෙට්සි, කගීසෝ රබාඩා සහ කේෂව් මහරාජ් කඩුලු 2 බැගින් ලබා ගත්තේ ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 282කට සීමා කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories