අම්පාර ට්‍රැක්ටර් අනතුරේ අවසාන සිසුවාගේ දේහයද සොයා ගැනේ (වීඩියෝ)

Saturday, 30 November 2024 - 17:58

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA%E0%B6%AF+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අම්පාර, කාර්තිව් මාවඩිපල්ලි පාලම මතදී අධික ගංවතුර මධ්‍යයේ ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටියදී සිදුවූ අනතුරකින් පාසල් සිසුන් 05 දෙනෙකු මියගොස් තවත් සිසුවෙකු අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අතුරුදන්ව සිටි අනෙකුත් දරුවාගේ මෘත දේහයද අද (30) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අතුරුදන්ව සිටි මොහමඩ් නෂික් නම් 15 හැවිරිදි පාසල් සිසුවාගේ මෘත දේහය සොයා ගැනීමට සමත් වූ බවයි හිරු ප්‍රවෘත්ති අප වාර්තාකරු සඳහන් කළේ.

නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී මෙම සිරුර සොයාගැනීමට සමත්ව ඇති අතර, අනතුරෙන් මියගිය පාසල් සිසුන් ඇතුළු 08 දෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගැනීමට සමත්ව තිබෙනවා.

එමෙන්ම, අද එම අනතුරින් ජීවිත හානි වූ සිසුන්ගේ ඥාතීන්ට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර හා අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම විසින් වන්දි මුදලක් ලබා දීමද සිදුකෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories