අනුරාධපුර ශික්ෂණ රෝහලේදී ප්‍රථම වතාවට සිව් නිවුන් දරු උපතක්

Saturday, 30 November 2024 - 18:10

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AE%E0%B6%B8+%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ප්‍රථම වතාවට සිව් නිවුන් දරු උපතක් සිදුව තිබෙනවා.

මෙම රෝහලේදී මවක් විසින් එකවර දරුවන් හතර දෙනෙක් බිහි කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

විශේෂඥ වෛද්‍යවරුන් පවසා සිටින්නේ අඩු මාසෙන් අඩු බරෙන් යුත් ඉපදෙන දරුවන් උෂ්ණත්වය රඳා පවත්වා ගැනීම සඳහා උෂ්ණත්වය රඳවා ගැනීමේ යන්ත්‍රය තුළ තබා ප්‍රතිකාර කළ යුතු බවයි.

නමුත් මෙම රෝහල තුළ එවැනි යන්ත්‍ර ඇත්තේ 6ක් පමණක් වන අතර එම යන්ත්‍ර හයද නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව කිහිපවරක් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කළද මේ වෙනතෙක් ඊට පිළිතුරක් නොලැබුණු බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මසකට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී දරුවන් 600ක් පමණ ඉපදෙන බවත් ඔවුන්ගෙන් දරුවන් 50-60ත් අතර ප්‍රමාණයක් මෙවැනි ගැටලුවලට මුහුණපාන බවත් එම නිසා අවම වශයෙන් මෙම යන්ත්‍ර 12ක්වත් අවශ්‍ය වී ඇති බවත් වෛද්‍යවරුන් පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories