ගසක් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන් මියගොස් ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසනවා.
හල්දුම්මුල්ල, සීලතැන්න ප්රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබෙනවා.
එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීම නිසා විදුලිසැරවැදීමෙන් එම ස්ථානයේදීම අද (30) සවස මොහු ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල, සීලතැන්න පදිංචිව සිටි ලලිත් පද්මසිරි (60) නැමැති එක්දරු පියෙකු බවයි පැවසෙන්නේ.
යාන්ත්රික කියතක් ආධාරයෙන් ගසක් මුලින් කපමින් සිටියදී එම ගසේ අත්තක් අධිබලැති විදුලිරැහැනක ගැටීම නිසා විදුලිසර වැදී තිබෙන බවද පැවසෙනවා.
හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Follow US
Most Viewed Stories