ෆෙන්ගල් සුළිකුණාටුව ගැන තවත් දැනුම්දීමක්

Saturday, 30 November 2024 - 19:53

%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද (30) පස්වරු 5.00 සිට හෙට (01) පෙරවරු 5.00 දක්වා වලංගු වන බවයි වාර්තා වන්නේ.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ෆෙන්ගල් (FENGAL) සුළිකුණාටුව 2024 නොවැම්බර් 30 වැනි දින පෙ.ව. 08.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 420ක් පමණ උතුරුදෙසින් සහ කන්කසන්තුරය සිට කිලෝමීටර් 290 පමණ උතුරුදෙසින් පවතිනවා.

එය බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් නොවැම්බර් 30 දින සවස් කාලයේදී උතුරු තමිල්නාඩු-පුදුචෙරිවෙරළ වෙත ලඟා වනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පද්ධතිය ඉන්දියාව තුලට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති අතර දිවයිනේ කාලගුණයට එමගින් ඇතිවන බලපෑම තවදුරටත් අඩු වෙමින් පවතින බවද සඳහන්.

උතුරු පළාතේ අහස වලාකුලින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories