General30 November 2024

බංග්ලාදේශය ගැන ඉන්දියාව දැඩි විමසිල්ලෙන්

හින්දු සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව මධ්‍යම රජය බැරෑරුම් ලෙස අවධානය යොමු කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පවසනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, බංග්ලාදේශයේ අන්තර්වාර රජය සමඟ එහි උත්සුකයන් බෙදාගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් ඊයේ (29) පාර්ලිමේන්තුවට දැනුම් දුන් බවයි.

අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ, සුළු ජාතීන් ඇතුළු පුරවැසියන්ගේ ජීවිතය සහ නිදහස ආරක්ෂා කිරීම බංග්ලාදේශ රජයේ වගකීමක් බවයි.

තව ද බංග්ලාදේශයේ හින්දු ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳව භාරතීය ජනතා පක්ෂ මන්ත්‍රී අරුන් කුමාර් සාගර්ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජයිශංකර් ලෝක් සභාවට ලිඛිත පිළිතුරක් දෙමින් මෙලෙස ද දැනුම් දී තිබෙනවා.

"2024 අගෝස්තු මාසය ඇතුළුව, බංග්ලාදේශය පුරා හින්දු සහ අනෙකුත් සුළු ජාතීන්ට, ඔවුන්ගේ නිවාස සහ ව්‍යාපාරික ආයතනවලට එරෙහි ප්‍රචණ්ඩ සිදුවීම් සහ ආගමික ස්ථානවලට පහරදීම් පිළිබඳ වාර්තා කිහිපයක් රජය අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව රජය මෙම සිදුවීම් පිළිබඳව බැරෑරුම් ලෙස සටහන් කර ඇති අතර බංග්ලාදේශ රජය සමඟ එහි කනස්සල්ල බෙදාගෙන තිබෙනවා. පසුගියදා බංග්ලාදේශයේ පැවති දුර්ගා පුජා උත්සවයේදී ආගමික ස්ථානවලට සහ පූජා මණ්ඩපවලට එල්ල වූ ප්‍රහාර පිළිබඳ වාර්තා වුණා.''

තවද ඩකාහි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය බංග්ලාදේශයේ වෙසෙන සුළු ජාතීන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි අමාත්‍ය ජයශංකර් වැඩිදුරටත් පවසා තිබුණේ.
Related Recommends
Hiru TV News | Programmes