සබරගමුව පළාතේ පල්ලෙබැද්ද - කොස්වැටිය ප්‍රදේශයේ දෝනා ආකාරයට පවත්වාගෙන යන අනාරක්ෂිත කැල්සයිට් හා ඩොලමයිට් කැනීම් හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
හිරු සී.අයි.ඒ. කළ විමර්ශනයේදී හෙළිවූයේ මෙම කැණීම් භූමිය තුල මීට පෙර ජීවිත හානි ද කිහිපයක් සිදුව ඇති බවයි.
රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ පල්ලෙබැද්ද කොස්වැටිය ප්‍රදේශයේ මෙරට සතු තවත් වටිනා ඛණිජ සම්පතක් වු කැල්සයිඩ් හා ඩොලමයිට් නිධියක් අක්කර ගණනාවක් පුරා විහිදී පවතිනවා.
එම ඛනිජ පොළව අභ්‍යන්තරයේ පවතින හෙයින් නිසි ලෙස කැණීම් සිදුකරන්නේ නම් ඊට ඉහළින් ඇති මහා පරිමාණ කළුගල් තීරය ක්‍රමානුකූලව ඉවත් කළ යුතු වනවා.
එහෙත් මිනිස් ජීවිත තඹ සතයකට හෝ මායිම් නොකරන ඇතැම් කැල්සයිට් හා ඩොලමයිට් ව්‍යාපාරිකයන් තම සේවකයන්ව දැඩි අනාරක්ෂිත තත්ත්වයේ ඇති මෙම කලුගල් කුල යට කැණීම් සිදුකිරීමට යොදවා තිබෙනවා.
අතිශය අවදානම් මට්ටමක පවතින මෙම ගුහාව මේ වනවිට ඇත්තේ මෙවැනි ආධාරක කිහිපයක් මත පමණක් වන අතර, මෙම භූගත ගුහාව තුල මාර්ග සාදා බැකෝ, ටිපර් ඇතුළු කර කැණීම් සිදුකරනු ලබනවා.
දැඩි අවදානම් සහිත කැල්සයිට් හා ඩොලමයිට් කැනීම් භූමියට ඉන්ධන රැගෙන ගොස් සිටියදී කළුගල් කොටසක් වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයටද පත්ව තිබෙනවා.
අතිශය අවදානම් තත්ත්වයක් තුළ තවදුරටත් සේවකයින් 30 කට අධික ප්‍රමාණයක් දිනපතා මෙලෙස සේවයේ යොදවා තිබෙනවා.
මෙම අනාවරණයෙන් පසුවත් තව කොතෙක් කලක් සේවක ජීවිත අවධානමේ හෙළමින් මෙම කැල්සයිට් හා ඩොලමයිට් කැනීමට මෙරට වගකිව යුතු බලධාරීන් ඉඩ දෙනවාද?
හිරු සී.අයි.ඒ.ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.

Follow US
Most Viewed Stories