මත්ද්‍රව්‍ය හා පාතාලය මැඬලීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරන විශේෂ කාර්ය බලකාය ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් ඉලක්ක කර පාතාල කල්ලි සාමාජිකයන් සමාජ මාධ්‍ය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.
එමගින් අදාළ නිලධාරීන් පිළිබඳව වැරදි මතයක් සමාජය තුළ ඇති කර තම ජාවාරම් කටයුතු දිවයින තුළ බාධාවක් නොමැතිව කරගෙන යාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාල කල්ලි සාමාජිකයන්ගේ අරමුණ බවයි ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.
ඒ සඳහා දැනට මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ සහ විදේශ ගතව සිටින පාතාල කල්ලි නායකයින් විසින් මෙම මෙහෙයුම සිදු කරන බව ද අනාවරණය වී තිබෙනවා.
ඔවුන් විදෙස්ගතව සිට යූ ටියුබ් නාලිකා කිහිපයක් පවත්වාගෙන යන පුද්ගලයින් වෙත විශාල වශයෙන් මුදල් ලබා දී ආරක්ෂක අංශ පිළිබඳව සමාජයේ පවතින විශ්වසනීයත්වය බිඳහෙලීම සඳහා අසත්‍ය පුවත් ප්‍රචාරය කරන ලෙස දන්වා ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.
පොලිස් විශේශ කාර්ය බලකාය මෙරට තුල මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීමට විශේශ කාර්යභාරයක් සිදු කරන අතර පසුගිය මාස කිහිපය තුලදී මත්ද්‍රව්‍ය තොග විශාල ලෙස සිය භාරයට ගැනීමට සමත්ව තිබුණා.

Follow US
Most Viewed Stories