නිවැසියන්ගේ හිසට ගිනිඅවියක් එල්ලකර තරුණියක් පැහැරගෙන (වීඩියෝ)

Tuesday, 14 January 2025 - 21:20

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දැරණියගල - වල්පොල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක් පැහැර ගැනීමේ සිදුවීමක් වාර්තා වනවා.

එය සිදුව තිබෙන්නේ ගෙලිඔය - දවුලගල ප්‍රදේශයේදී සිසුවියක පැහැර ගැනීමේ සිදුවීමෙන් දින දෙකකට පසුව වීම විශේසයි.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 18ක තරුණිය, එම ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර තරුණියගේ නිවසේ ඊට විරෝධය එල්ල වී තිබෙනවා.

පසුව ඊට කෝප වූ තරුණයා තවත් මිතුරෙකු සමග එම තරුණිය සිටි නිවසට ගොස් ඇයගේ මිත්තණිය සහ මවගේ හිසට ගිනි අවි තබා තරුණියව පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මෙම සිදුවීම සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය මගින් විමර්ශන ආරම්භ කෙරුණා.

ඒ අනුව එම තරුණියව සොයා ගනු ලැබූ අතර සැකකාර තරුණයින් දෙදෙනා පොලිස් භාරයට ගැනුණේ ඔවුන් භාවිතා කළ ගිනිඅවි සමගයි.

පැහැරගත් තරුණිය අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීම සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර තරුණයින් දෙදෙනාගෙන් 19 හැවිරිදි තරුණයා අවිස්සාවේල්ල අධිකරණය මගින් මෙම මස 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර අනෙක් තරුණයා රැඳවුම් නිවාස භාරයට පත් කරනු ලැබුවා.

මේ අතර ගෙලිඔය - දවුලගල ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්වූ පාසැල් සිසුවිය සහ ඇයව පැහැරගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළා.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු අදාළ සිසුවිය බේරා ගැනීමට දැඩි උත්සාහයක් ගත්ත ද එය සාර්ථක වූයේ නැහැ.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ වෑන් රථයේ රියැදුරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී ඔහු පවසා ඇත්තේ අදාළ සිසුවිය කිසිදු විරෝධයක් නොදක්වා සැකකරු සමග ගොස් තිබෙන බවයි.

මේ අතර මෙම සිද්ධියේදී පැහැරගැනීමට ලක්වූ පාසැල් සිසුවිය මුදා ගැනීමට උත්සාහ කළේ මොහොමඩ් ඉසදීන් අර්ෂාඩ් අහමඩ් නැමැති තරුණයාට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රණාමය පුද කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories