හිරු ස්ටාර් සිව්වැනි අදියරේ ජයග්‍රාහකයා බවට පත් වීමට අනුරාධපුරයෙන් හිරු ස්ටාර් තරගාවලිය නියෝජනය කළ චමෝද් කවිෂ්ක සමත් වුණා.
ඒ හිරු ස්ටාර් කිරුළේ හිමිකරුවා තෝරා ගැනීම සඳහා 100%ක්ම අවස්ථාව ලබා දුන් ජනතා පරමාධිපත්‍යයෙන්.
එමෙන්ම, හිරු ස්ටාර් සිව්වැනි අදියරේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට දංකොටුවේ ශිවන්ත ආශ් සමත් වූ අතර අවසන් මහා තරගය අද (18) පැවැත්වුණේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී යි.
ශ්‍රී ලාංකීය මාධ්‍ය වංශ කථාවේ ස්වර්ණමය පරිච්ඡේදයේ හිමිකරුවා වු හිරු ටී.වී., මෙරට ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තබමින් රියැලිටිකරණයේද ප්‍රමුඛයා ලෙස අභිෂේක ලැබුවේ අතිසාර්ථක හිරු ස්ටාර් සජීවී ගායන රියැලිටි අත්දැකීමේ මනරම් නිමැවුම්කරුවා බවටද පත්වෙමින්.
මහ පොළවේ ජීවිත අහස උසට ඔසවා තබන හිරු ස්ටාර් සංකල්පය මෙරට සියලු රියැලිටි වැඩසටහන් අතික්‍රමණය කරමින් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට සමීප වන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ නිර්මාණාත්මක සංකල්පයක් මතයි.
හිරු ස්ටාර් මෙවර සනිටුහන් කරන්‍ය් ලැබුවේ ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීමේ සිව්වැනි විප්ලවයේ රජ දැක්මයි.
හිරු ස්ටාර් සිව්වැනි අදියරේ මෞලි මංගල්‍ය දැක බලා ගැනීමට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පරිශ්‍රයට අති විශාල ප්‍රේක්ෂක ජනතාවක් අද පස්වරුවේ සිටම පැමිණ තිබුණා.
නූතන ජාත්‍යන්තර ප්‍රමිතීන් සමග කරට කර සිටිමින් ලොව අති නවීනම ශබ්ද තාක්ෂණයෙන්, කැමරා සහ ආලෝකකරණ රටාවලින් බල ගැන්වුණු හිරු ස්ටාර් විශ්මිත වේදිකාව ආසියාවේ ප්‍රථම වරට ත්‍රී සික්ස්ටි සිලින්ඩරාකාර අති දැවැන්ත වීඩියෝ ප්‍රකාරයකින්ද සමන්විතව මේ අවසන් රාත්‍රියේ සංගීත උන්මාදය දෙගුණ තෙගුණ කිරීමට සමත් වුණා.
ශ්‍රී ලාංකීය රියැලිටි වංශකථාවේ පළමු වතාවට ලක්ෂයකට අධික තරගකරුවන් පිරිසක් අතරින් දක්ෂයින් 300ක් පළමු අදියරේ සිටම සජීවීව මුහුණට මුහුණ ගැයුම් කුසලතා ඉදිරිපත් කරමින් අදියර කිහිපයක් ඔස්සේ ඉදිරියට පැමිණියා.
ඉන් හිරු ස්ටාර් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ දංකොටුවේ ශිවන්ත ආශ්, මහනුවර අශාන් කපුගෙදර, ගම්පහ නේසර සෙනවිරත්න සහ අනුරාධපුර චමෝද් කවිෂ්ක යන සිවු දෙනායි.
හිරු ස්ටාර් අවසන් මහා තරගයේ සම්පූර්ණ විකාශය පහතින්,

Follow US

Most Viewed Stories