ගිය සතියේ පාකිස්ථානුවන් 200ක් රටවල් රැසකින් පිටුවහල් කරලා

Thursday, 23 January 2025 - 20:49

%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+200%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
පසුගිය සතිය තුළ සෞදි අරාබිය සහ එක්සත් ජනපදය ඇතුළු විවිධ රටවලින් පකිස්ථානුවන් 200 කට අධික පිරිසක් පිටුවහල් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පිටුවහල් කිරීම්වලට හේතුවී ඇත්තේ වීසා උල්ලංඝනය කිරීම්, නීතිමය සංකූලතා සහ මිනිස් ජාවාරම් බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙවැනි ගැටළු හේතුවෙන් විදේශයන්හි බොහෝ පාකිස්ථානුවන් අභියෝග රැසකට මුහුණ දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එක්සත් ජනපදය, චීනය, තුර්කිය, සිම්බාබ්වේ සහ සෙනගල් වැනි රටවලින් පකිස්ථාන ජාතිකයන් 220 දෙනෙකු මෙලෙස ආපසු එවා තිබූ අතර පිටුවහල් කරන ලද පුද්ගලයින් දොළොස් දෙනෙකු කරච්චි වෙත පැමිණීමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි ආගමන මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ජනවාරි 19 සහ 21 අතර පැය 48ක කාලයක් තුළ පිටුවහල් කිරීම් කිහිපයක් ද සිදුව තිබුණා.

තව ද සෞදි අරාබියෙන්, වීසා ගැටළු, අසාදු ලේඛනගත කිරීම, වීසා නොමැතිව රැඳී සිටීම සහ අනුග්‍රාහකයෙකු නොමැතිව වැඩ කිරීම වැනි ගැටළු සඳහා පුද්ගලයින් 47 දෙනෙකු පිටුවහල් කර තිබූ බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories