77 වැනි නිදහස් දින සැමරුම අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශයේදී පැවැත්වීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පැවැත්වෙන පළමු නිදහස් දින සැමරුම මෙය වන අතර ජාතික පුනරුදයට සැරසෙමු යන්න මෙවර එහි තේමාවයි.
මෙවර නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගී වන හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 1,511කින් අඩුකර ඇති අතර, මෙවර සහභාගීවන්නේ සාමාජිකයින් 1,873ක් පමණයි.
එමෙන්ම, මෙවර උත්සවය සඳහා ගුවන් යානා තුනක් පමණක් යොදා ගැනීමට නියමිත අතර, පෙළපාලි සඳහා කිසිදු සන්නද්ධ රථයක් යොදා ගැනෙන්නේ නැහැ.
පසුගිය 1 වනදා සිට 7 වනදා දක්වා වූ කාලය තුළ සියලු රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියා සිටියේ.
එමෙන්ම, රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් අලංකාරවත් කරන ලෙස මීට පෙර කර තිබූ දැනුම්දීම අවලංගු කර තිබුණා.
මේ අතර, නිදහස් දින සැමරුමට සමගාමීව විශේෂ රථවාහන සැලැස්මක් අද ක්‍රියාත්මකයි. ඒ අනුව බෞද්ධාලෝක මාවත - ටොරින්ටන් මන්සන්ධියෙන්, ප්‍රේමකීර්ති ද අල්විස් මාවතටත්, ආර්.එච්.පී. හන්දියෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දෙසට මෙන්ම විජේරාම විද්‍යා මාවත හන්දියෙන් විද්‍යා මාවත දෙසට ඇතුල්වීම සහ නිදහස් මාවත නිදහස් වටරවුමෙන් මෙට්ලන්ඩ් චන්ද්‍රවංකය දෙසට ඇතුළුවීම තහනම් වනු ඇති.
ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පදනම් මාවත හන්දියෙන් නිදහස් මාවත දෙසටත්, නිදහස් වට රවුමෙන් නිදහස් චතුරස්‍රය දෙසට ඇතුල්වීම මෙන්ම පුස්තකාල වට රවුමෙන් හෝර්ටන් වටරවුම දෙසට ඇතුල්වීමට ද අවසර හිමිවන්නේ නැහැ.
මේ අතර, නිදහස් දිනයට සමගාමීව රැදවියන් 285 දෙනෙකුට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළා.
එමෙන්ම, අද බන්ධනාගාර රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
නිදහස් සැමරුමේ සජීවී විකාශය පහතින්,

Follow US

Most Viewed Stories