ඇමති බංගලාවල තක්සේරු වාර්තා කැබිනට්ටුවට

Tuesday, 04 February 2025 - 14:34

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇමතිවරුන්ගේ බංගලා සම්බන්ධයෙන් ලබාගත් තක්සේරු වාර්තා දිරි සතියේ දී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනූව එම බංගලා තක්සේරු කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන්නේ.

අදාල බංගලා සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙන බවයි පැවසෙන්නේ.

එම යෝජනා අතරින් වඩාත්ම හොඳ යෝජනාවට ප්‍රමුඛත්වය ලබාදීමට අපේක්ෂිතයි.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මේ බව පවසා තිබෙනවා.

එම බංගලා ආර්ථික වශයෙන් ඵලදායි කටයුත්තකට යොදා ගැනීම රජයේ අරමුණ බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.

මේ අතර ඇමති බංගලා කුලියට ලබා දෙන ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ගණනාවක්ද එම අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම සම්බන්ධයෙන්ද කරුණු සලකා බලමින් සිටින බවයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories