අම්බලන්තොට ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු රිමාන්ඩ්

Tuesday, 04 February 2025 - 14:54

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේදී පෙරේදා (02) පස්වරුවේ සිදුවූ ත්‍රිත්ව ඝාතනය සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු එළඹෙන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඔවුන් අතර සිටි 13 හැවිරිදි සැකකරු කිතුලන්ගොඩ රැඳවුම් මධ්‍යස්ථානයේ පරිවාසටයි භාර දී ඇත්තේ.

තියුණු ආයුධවලින් පහර දී පසුගියදා මොවුන් ඝාතනය කෙරුණු අතර, පොලිසිය සඳහන් කළේ 05 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ මෙම පිරිසට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි.

ඒ අතරින් එක් අයෙකු අම්බලන්තොට රෝහලට රැගෙනවිටත් මියගොස් තිබූ අතර සෙසු දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඔවුන් තිදෙනාගේම ගෙලට සහ මුහුණට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

මියගිය තිදෙනාම මාමඩල ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 29, 34 සහ 45 යන වයස්වල පසුවූවන්.

නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් මුල්කරගනිමින් මෙම ඝාතන සිදුව ඇති බවටයි පොලිසිය සැක කරනු ලබන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories