කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ නිදහස් සැමරුමක් අද පැවැත්වුණේ වසර 03කට පසුවයි.
ජාතික උත්සවයකදී පමණක් සිහිපත් කෙරෙන නිදහස් චතුරශ්‍රය වසරේ අනෙක් දිනවල ශරීර සුවතාවල නිරත වන්නන්ගෙන් සහ විවාහ මංගල්‍ය ඡායාරූප ලබාගන්නන්ගෙන් පමණක් පිරී තිබෙනවා.
නමුත් 1948 වර්ෂයේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීම සංකේතවත් කරන එම මන්දිරයේ ගෞරවනීය ඉතිහාසය ගැන මතකාවර්ජනයයි මේ.
1948 වසරේ පෙබරවාරි 4 වැනිදා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ශ්‍රී ලංකාවට නිදහස හිමිවීමත් සමග එය සැමරීම වෙනුවෙන් නිල උත්සවය සංවිධාන කෙරුණේ කොළඹ නිදහස් භූමියේ ඉදිකළ තාවකාලික උත්සව ශාලාවකයි.
ඒ සඳහා එවකට එංගලන්තයේ 6 වන ජෝර්ජ් රජු නියෝජනය කරමින් ලොස්ටර් හි ආදිපාදවරයා හා එම මැතිනිය සහභාගි වූ බව සඳහන්.
කෙසේවෙතත් මෙරටට නිදහස හිමි වීම සංකේතවත් කිරීම සඳහා අනුස්මරණ ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේ පළමු අදහස ඇතිවූයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිවරයා වූ ඩී.එස්. සේනානායකටයි.
එම අදහස අනුව එවක ප්‍රවාහන හා රජයේ වැඩ අමාත්‍යවරයාව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවලට ඒ සඳහා සුදුසු භූමියක් තෝරා ගැනීමට සිදුවනවා.
ඒ අනුව රේස්කෝස් සමාජය හෙවත් කොළඹ තුරග තරග සමාජයට අයත් වත්මන් නිදහස් චතුරශ්‍ර භූමිය තෝරාගෙන මෙරට දෙවැනි නිදහස් සැමරුම් උළෙල පැවැති දිනයේදී එනම් 1949 වසරේ පෙබරවාරි 4 වැනිදා ඊට මුල්ගල තැබෙනවා.
නිදහස් චතුරශ්‍රය ඉදිකිරීමට ගෘහ නිර්මාණ ශිල්පීන් 8 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත් කෙරුණු අතර රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ පූර්ණ දායකත්වය යටතේ ඉදිකිරීම් ඇරඹුණා.
විවිධ හේතූන් මත එම ඉදිකිරීම් අතරමග නතරවීම් හා යළි ආරම්භ වීම් මැද වසර 8කට පසු එනම් 1957 වසරේ පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරශ්‍රය නිල වශයෙන් විවෘත කෙරෙනවා.
ඒ, මෙරට නිදහසේ සංකේතය ලෙසයි.
මෙම ගොඩනැගිල්ලේ ආසන 400ක් පැනවීමේ හැකියාව පවතින අතර විවෘත භූමියේ 25,000ක් පමණ ජනතාව රැස්කරවීමට ද හැකියි.
සෘජුකෝණාස්‍ර හැඩයකින් යුක්ත නිදහස් චතුරශ්‍රයට පිවිසීම සඳහා පිවිසුම් දෙකක් පවතිනවා.
ගොඩනැගිල්ලට අවතීර්ණ වීමට කොරවක් ගල් සහිත පියගැටපේළි යුගලයක් තනා ඇති අතර මන්දිරයේ සතර දිශාව වෙත නෙත් යොමු වූ සිංහ රූප තුළින් ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිමානය සහ නොසැලෙන ශක්තිය සංකේතවත් කෙරෙනවා.
නිදහස් චතුරශ්‍රයේ ඇති කළු ගලින් නිමැවූ කැටයම් තුළින් විජයාවතරණයේ සිට සිංහලයාගේ ඉතිහාසය විදහා දක්වන අතර නිදහස් අරගලයේ වැදගත් සිදුවීම් ද එහි නිරූපණය කර තිබෙනවා.
එමෙන්ම නිදහස් චතුරශ්‍රය ඉදි කිරීමේ පුරෝගාමියා වූ මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායකගේ පිළිරුවක් නිදහස් චතුරශ්‍රය ඉදිරිපිට ඉදිකර ඇත්තේ ඔහුට දක්වන ගෞරවයක් ලෙසයි.
1983 වසරේදී නිදහස් චතුරශ්‍ර ගොඩනැගිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතට පැවරෙන අතර වර්තමානයේ එහි සියලු නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදුකරන්නේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවයි.
නිදහස් චතුරශ්‍රය හුදෙක් ගොඩනැගිල්ලක් ලෙස පෙනුණ ද එහි බිම් මහලේ නිදහස් අනුස්මරණ කෞතුකාගාරය ද පිහිටා තිබෙනවා.
ශ්‍රී ලාංකිකයින් ලැබූ නිදහසේ අභිමානය ලොවට කියාපාන මේ නිදහස් චතුරශ්‍රය මුළුමහත් ලෝකයේම ගෞරවාදරයට පාත්‍රවන ජාතික ස්මාරකයක් ලෙස සුරක්ෂිත කරගැනීම ශ්‍රී ලාංකික අප සැමගේ යුතුකමක්.

Follow US

Most Viewed Stories