මිලියන 13කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමගින් පුද්ගලයෙක් අත්අඩංගුවට

Tuesday, 04 February 2025 - 21:42

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+13%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බ්‍රිතාන්‍යයේ සිට මෙරටට එවා තිබූ පාර්සලයක්, එහි සැකකරු ඉදිරියේදී විවෘත කිරීමේදී සූක්ෂම ලෙස එහි සගවා තිබූ kush නැමැති ගංජා විශේෂය 65g හා liquid cocaine මත්ද්‍රව්‍ය 500ml සොයාගෙන තිබෙනවා.

මෙය කොකේන් මත්ද්‍රව්‍ය දියර ලෙස කුරියර් ආයතනයකින් හමුවූ ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව වීම විශේෂ කරුණක්.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් Colombo Cargo Courier අංශය තුළ දෛනිකව සිදුකරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යයි සැක පිට නවත්වන ලද බ්‍රිතාන්‍යයේ සිට මෙරට කිරිබත්ගොඩ ලිපිනයකට එවා තිබූ පාර්සලයක තිබී මෙම මත්ද්‍රව්‍යව තොගය හමුව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 13කට ආසන්න බව තහවුරුවී ඇති බව සඳහන්.

සැකකරු 23න් හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක අංශයේ රැකියාව කරන පුද්ගලයෙකු බවයි වාර්තා වෙන්නේ.

මෙම අත්අඩංගුවට ගැනීම ශ්‍රී ලංකා රේගුව මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලද අතර වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංශයේ නිලධාරීන්ගේ සහාය ද ලැබී තිබුණා.

මෙකී මත්ද්‍රව්‍ය ජාවාරම පිලිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍ය්ංශයට අද දින භාරදීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories