නිදහස් දිනය වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේදී අද (04) පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
එහිදී උන්වහන්සේ කියා සිටියේ රටට සැබෑ නිදහස උදා කර දීමට වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවයි.
එසේම නිදහස් දිනය නිමිත්තෙන් හින්දු ආගමික වතාවත් වැල්ලවත්ත ශ්‍රී මයුරපති බද්‍රකාලී කෝවිලේදී පැවැත්වුණු අතර ඉස්ලාම් ආගමික වතාවත් සිදුකෙරුණේ වැල්ලවත්තේ ජුම්මා මුස්ලිම් පල්ලියේදීයි.
මේ අතර නිදහස් දින සැමරුමට සමගාමීව කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායකගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද සිදුවුණා.
ඒ, හිටපු කතානායක කරූ ජයසූරිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. එමෙන්ම කොල්ලුපිටිය පොල්වත්ත විහාරස්ථානයේ ස්ථාපිත ඩී.එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
මේ අතර මෙරට 77 වෙනි නිදහස් දිනය නිමිත්තෙන් විදෙස් රටවල් කිහිපයක් සහ ගෝලීය නායකයින් කිහිපදෙනෙකු සිය සුබපැතුම් එක් කර තිබෙනවා.
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එච් ජයශංකර්, චීන ජනාධිපති ෂී ජින් පින් මෙන්ම එරට අගමැතිවරයා ද ඊට ඇතුළත්.
මීට අමතරව, ප්‍රංශය, බෙල්ජියම සහ කියුබාව ඇතුලු රටවල්කිහිපයක් ද මෙරට නිදහස් දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එසේම, තමන්ගේ අතුරුදහන්වු ඥාතීන් නොමැතිව හා උතුරේ අහිමිවු සිය ඉඩම් නොමැතිව නිදහසක් නොමැති බව පවසමින් උතුරු පළාතේ විවිධ ස්ථානවල කළු කොඩි ඔසවමින් අද විරෝධතා පවත්වා ඇති බව ද වාර්තා වුණා.
කිලිනොච්චිය නගරයේ පැවති විරෝධතාවයකට සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද එක්ව තිබෙනවා.
එසේම යාපනය විශ්ව විද්‍යාලයේදීද කළුකොඩි ඔසවා කළුපටි පැළඳගෙන එම විශ්ව විද්‍යාල සිසුන් විරෝධතාවයක නිරතවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

Follow US

Most Viewed Stories