ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක බිහිසුණු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් 10 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ස්වීඩන් පොලිසියේ වෙබ් අඩවිය නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ තුවාල ලැබූ මුළු සංඛ්‍යාව මේ මොහොත තෙක් නිශ්චිතව පැහැදිලි නොමැති බවයි.
තුවාල ලැබූවන් සිසුන් ද ගුරුවරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.
"ගිනි අවියක් හැර" භාවිතා කළ "ආයුධ වර්ගය ගැන කිසිවක් දැනට පැවසිය නොහැකි බවයි එරට ආරක්ෂක අංශ පවසා සිටින්නේ.
එමෙන්ම සැකකාර අපරාධකරු මියගිය අයගෙන් එක් අයෙකු විය හැකි බව විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔරෙබ්‍රෝ හි ප්‍රාදේශීය පොලිස් ප්‍රධානී රොබර්ටෝ ඊඩ් ෆොරස්ට් පවසන්නේ ඔහු තනි අපරාධකරුවෙකු යැයි සිතන බවත් විමර්ශනය ඉතා මුල් අවධියේ පවතින බවයි.
වෙඩි තැබීමෙන් පසු, තවත් ප්‍රහාර එල්ල වේදැයි ආරක්ෂක අංශවලට නිශ්චිතව පැවසිය නොකැකි නිසා ඔවුන් සිසුන් සහ කාර්ය මණ්ඩලය පාසල් ගොඩනැගිලිවල රඳවා ගත් අතර පසුව සිසුන් සහ ගුරුවරුන් ආරක්ෂිත ස්ථානයක් වෙත යොමුකරනු ලැබුවා.
මෙම වෙඩි තැබීම ත්‍රස්තවාදී චේතනාවක් ලෙස සැක නොකරන අතර මිනීමැරුම්, ගිනි තැබීම් සහ දරුණු ආයුධ වරදක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Follow US

Most Viewed Stories