ඉන්දියාවේ සංචාරයක නිරත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඔටුන්න හිමි කුමරු හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමු වී තිබෙනවා.
X හි සටහනක් තබමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් පවසා තිබුණේ, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පුළුල් පරාසයක සහයෝගීතාවය සහ විචිත්‍රවත් සබඳතා පිළිබඳව ඔටුන්න හිමි කුමරුගේ ධනාත්මක හැඟීම අගය කරන බවයි.
එමෙන්ම ඔහුගේ පළමු ඉන්දිය නිල සංචාරයේ දී ඔහුව පිළිගැනීමට ලැබීම සතුටට කරුණක් බව ද අමාත්‍යවරයා එහි පවසා තිබෙනවා.
ඩුබායි හි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අගමැති සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් අප්‍රේල් 8 සිට 9 දක්වා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් ඉන්දියාවේ සංචාරය කරනවා.
ඉන්දියාවට පැමිණි ඔහු උත්සවාකාරයෙන් පිළිගනු ලැබූ අතර සංචාරක හා ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබඳ මධ්‍යම රාජ්‍ය අමාත්‍ය සුරේෂ් ගෝපි විසින් පිළිගනු ලැබුවා.
මේ අතර එම සංචාරයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ද ඩුබායිහි ඔටුන්න හිමි කුමරු වන හම්දාන් බින් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් හමුව තිබුණා.
එහිදී අමාත්‍ය රාජ්නාත් සිං පවසා ඇත්තේ ඉන්දියාව සඳහා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය ප්‍රමුඛතාවයක් බවයි.
ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර විස්තීරණ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වී ඇති අතර සිං මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම අවධාරණය කර තිබුණේ “ආරක්ෂක සහයෝගිතාව, සම නිෂ්පාදන සහ සම සංවර්ධන ව්‍යාපෘති” වැනි ක්ෂේත්‍රවල සහයෝගයෙන් කටයුතු කිරීම රටවල් දෙකම අරමුණු කරයි යනුවෙන්.

Follow US

Most Viewed Stories