තායිවාන ගුවන් සීමාවට චීන යානා ඇතුළු වීම 80%කින් ඉහළ ගිහින්

Wednesday, 09 April 2025 - 16:02

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%B8+80%25%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
චීනය තායිවානයට එරෙහිව සයිබර් ප්‍රහාර, මිලිටරි අභ්‍යාස සහ 'අළු කලාප' උපක්‍රම වැඩි කරමින් රටට බලපෑම් කිරීමට සහ එහි සම්පත් ක්ෂය කිරීමට ඒකාබද්ධ උත්සාහයක් කරමින් සිටින බව තායිවාන ජාතික ආරක්ෂක කාර්යාංශ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තායිපේ ටයිම්ස් විසින් ප්‍රසිද්ධ කරන එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ, චීන මහජන විමුක්ති හමුදාව තායිවානය වටා "Joint sword-2024A and B" යුධ අභ්‍යාස පැවැත් වූ අතර සටන් සූදානම සඳහා මුර සංචාර 40 ක් සිදු කළ බවයි.

මීට අමතරව, චීන හමුදා ගුවන් යානා පසුගිය වසරේ තායිවාන ගුවන් සීමාවට 3,070 වතාවක් ඇතුළු වූ අතර, එය 2023 දී 1,703 වාරයක් වී තිබූ අතර එය සියයට 80කින් පමණ වැඩිවීමක් බව ද අදාළ වාර්තාව පෙන්වා දෙනවා.

මෙම වසරේ මාර්තු 17 වැනි දින චීන මහජන විමුක්ති හමුදාව විසින් පළමු වරට එක් දිනක් තුළ සටන් සූදානම් මුර සංචාර දෙකක් සිදු කළ බව ද එම කාර්යාංශය පවසන බවයි අදාළ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

චීන හමුදාව විසින් පසුගිය අඟහරුවාදා සහ බදාදා මිලිටරි අභ්‍යාස දියත් කළ අතර, තායිවානයට එරෙහිව මානසික හා මිලිටරි පීඩනය වැඩිකර ඇතැයි ද එය වැඩිදුරටත් සඳහන් කරනවා.

තායිවානය වටා නිරීක්ෂණ සිදු කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතය පුළුල් කිරීම ඇතුළුව චීනය සිය අළු කලාපීය උපක්‍රම විවිධාංගීකරණය කරමින් සිටින බව කාර්යාංශය පෙන්වා දුන් බව ද තායිපේ ටයිම්ස් සිය වාර්තාව හරහා අවධාරණය කරනවා.

මේ අතර චීනය කාලගුණ බැලූන් භාවිතය ද ඉහළ නංවා ඇති අතර, පසුගිය වසර පුරාවට යවන ලද එවැනි බැලූන 14ට සාපේක්ෂව මේ වසරේ මාර්තු 19 වැනි දා වන විට බැලූන 76ක් යවා ඇති බව ද තායිවානය පවසනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories