ආසියානු යොවුන් මලල ක්‍රිඩා උළෙල අද ඇරඹේ

Tuesday, 15 April 2025 - 12:19

%E0%B6%86%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%A9%E0%B7%8F+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
සවුදි අරාබියේ දමාම් හී පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රිඩා උළෙලේ තරග මෙරට වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වනවා.

ලබන 19 වැනිදා දක්වා පැවැත්වෙන තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිනවා.

මේ අතර මීටර 100 පිරිමි කාන්තා මූලික වටයේ තරග සහ මීටර 400 පිරිම් මූලික වටයේ තරගවලට ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් අද තරග වැදීමට නියමිතයි.

එමෙන්ම මීටර 1,500 කාන්තා තරගය සහ තුන් පිම්ම පිරිමි අවසන් තරගය ද අද පැවැත්වෙන අතර මෙම තරගවලට ද ශ්‍රි ලංකා ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගී වනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories