අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීම සඳහා ලංගම සහ පෞද්ගලික බස් රථ 8,000ක් අද (15) දින යොදවා ඇති බව, ප්‍රවාහන සංගම් සහ ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, දුම්රියෙන් පැමිණෙන මගීන් සඳහා ද අද සිට අතිරේක දුම්රිය ගමන්වාර 20ක් යොදවා තිබෙන බවයි.
අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ ඇතුළු තදාසන්න නගර වෙත පැමිණීම සඳහා විශේෂ බස් සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, අද දිනයේදී සියලු ඩිපෝ හරහා අතිරේක බස් රථ ඇතුළුව බස් රථ 3,000ක් පමණ යොදවා තිබෙන බවයි.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ප්‍රාදේශීය කාර්යාල 12 හරහා සියලු බස් රථ යොදවා ඇති අතර අනුරාධපුර, හැටන්, මහනුවර, බදුල්ල නගරවල මෙන්ම උතුර නැගෙනහිර පළාත්වල සිටත් විශේෂ බස් රථ යොදවා තිබෙනවා.
අධිවේගී මාර්ගවල ද විශේෂ බස් රථ සේවා අද සිට ක්‍රියාත්මකයි.
ඒ අනුව අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ගමන් වාර සඳහා අධිවේගී බස් රථ 800ක් 17 වැනිදා සිට ආරම්භ කරන බව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාව වෙනුවෙන් අද දින සිට පෞද්ගලික බස් රථ 5,000ක් ද ධාවනයට යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා.
මේ අතර දුම්රියෙන් පැමිණෙන මගීන් සඳහා ද අද සිට අතිරේක දුම්රිය ගමන්වාර 20ක් යොදවා තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ, කන්කසන්තුරය, ගාල්ල, බෙලිඅත්ත සහ බදුල්ල සිට මෙම අතිරේක දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක බවයි.
අද දින දෛනික දුම්රිය ගමන් වාර සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා.
මේ අතර ගම්බිම් බලා ගිය ජනතාව වැඩි වශයෙන් අධිවේගී මාර්ග භාවිත කිරීම හේතුවෙන් ගෙවුණු දින 4 තුළ රජය ලබා ඇති ආදායම රුපියල් කෝටි 17 ඉක්මවා තිබෙනවා.

Follow US

Most Viewed Stories