බූස්ස බන්ධනාගාරයේ හිටපු අධිකාරී ධම්මික ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට (වීඩියෝ)

Tuesday, 15 April 2025 - 15:33

%E0%B6%B6%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදීයි මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති ''මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය'' අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාවිත කරගෙන තිබෙනවා.

අම්බලන්ගොඩ , කුළීවත්ත ප්‍රදේශයේ පදිංච් 31 හැවිරිදි මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ”‍ කරන්දෙණිය සුද්දා ”‍ නැමති අයගේ ප්‍රධාන වෙඩික්කරුව සිටි බවටයි පොලීසිය අනාවරණ කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් මෙම වෙඩික්කරු අම්බලන්ගොඩ මුලස්ථාන පොලිසිය වෙත භාරදී තිබෙනවා.

ගාල්ල, තලගහ ප්‍රදේශයේදී අදාළ ඝාතනය සිදුකර තිබුණේ පසුගිය මාර්තු මස 13 වනදායි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories