අලුත් අවුරුදු සමයේ රථවාහන අනතුරුවල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ගෙවුණු පැය 24 තුළ පමණක් අනතුරුවලින් මියගිය ගණන 5ක් බව පොලිසිය පවසනවා.
මේ අතර මිහින්තලය වැල්ලමොරාන ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පලුගස්වැව සිට මිහින්තලය දෙසට ධාවන වූ කැබ් රථයක් A-9 මාර්ගයේ මිහින්තලය වැල්ලමොරාන ප්‍රදේශයේදී වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි අනුරාධපුර යුද හමුදා කඳවුරේ සේවය කරන මේජර්වරයෙකු සහ ගල්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි පුද්ගලයෙක්.
මේ අතර අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අද අළුයම අනතුරක් සිදු වුණා.
අනතුරින් ත්‍රිරෝද රථයේ රියැදුරු, පිටුපස අසුනේ ගමන් කළ පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලිසිය පැවුසවේ, බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු 6ක ගැහැණු දරුවෙකු මියගිය අතර ඇය පිටිගල කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචි බවයි.
දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු ඇල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, 13 වැනිදා රාත්‍රියේ හයිලෙවල් මාර්ගයේ හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ පදිකයින්ට සහ මාර්ගයේ ධාවනය කෙරුණු රථ වාහනවලට බාධාවන අයුරින් මෝටර් රථ ධාවන තරගයක් පවත්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍යයේ මෙලෙස සංසරණය වනවා.
මේ අතර කොළඹ ජාතික රෝහල වාර්තා කරන්නේ හදිසි අනතුරු හේතුවෙන් මේ කාලය තුල පුද්ගලයින් 412ක් රෝහල් ගතව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවසුවේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවයි.

Follow US

Most Viewed Stories