මැතිවරණ පැමිණිලිවල වර්ධනයක් (වීඩියෝ)

Tuesday, 15 April 2025 - 16:44

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව පැමිණිලි 200කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පවසනවා.

මේ අතර සමන්තුරේ පැවති ජන හමුවකදී රිෂාඩ් බදියුද්දීන් සහ ඒ.එල්.එම්. අතාවුල්ලා යන හිටපු මන්ත්‍රීවරුන්ගේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අපේක්ෂකයෙකු ඇතුළු දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

අපේක්ෂකයින් 71,000කට ආසන්න පිරිසක් තරග වදින පළාත් පාලන ඡන්දය මැයි මස 6 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළාත් පාලන ඡන්දයට අදාළව සමන්තුරේ නායිකුට්ටියර් ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අතරතුර දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර මෙවර මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකු ද සිටින බවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා නායකත්වය දරණ ජාතික කොංග්‍රසය ඊයේ මෙම රැස්වීම සංවිධාන කර තිබූ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් එම රැස්වීමට පැමිණි පිරිසකට පහර දී ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

පහර දීම සඳහා පැමිණි පුද්ගලයින් මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි සමන්තුරේ පොලිසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories