අවුරුදු 12ක බාල වයස්කාර දරුවෙකු කෙසෙල්වත්ත ප්‍රදේශයේ නිවසක දෙවැනි මහලකින් පැන බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඒ, එම නිවසේ ගේට්ටුවට අදාළ දරුවා තට්ටු කිරීමට උරණ වී නිවසේ හිමිකරු දරුවා නිවස තුළ සිර කිරීම හේතුවෙන්.
කෙසෙල්වත්ත පීර් සයිබු වීදියේ පිහිටි මෙම තෙමහල් නිවසේ ගේට්ටුවට තට්ටු කිරීම ඒ අවට බොහෝ දරුවන්ගේ විනෝදාංශයක් බවට පත්වී තිබෙනවා.
ඒ, ගේට්ටුවට තට්ටු කිරීමේදී මතුවන අධික ශබ්දය හේතුවෙන්.
13 වැනිදා කෙසෙල්වත්ත පීර් සයිබු වීදියේ පිහිටි වෙළෙඳසැළකට පැමිණි දරුවන් දෙදෙනෙකු ද අදාළ නිවසේ ගේට්ටුවට තට්ටු කර තිබූ බවත්, එහිදී නිකුත් වූ අධික ශබ්දයට උරණ වූ නිවසේ හිමිකරු නිවසෙන් පිටතට පැමිණ එක් දරුවෙකු අල්ලාගෙන ඇති බවත් පොලිසිය ප්‍රකාශ කළා.
එම දරුවා බලහත්කාරයෙන් නිවස තුළට ඔසවාගෙන ගොස් නිවසේ දෙවැනි මහලේ කාමරයකට දමා සිර කර, දරුවා පොලිසියට භාර දෙන බව පවසමින් බිය ගන්වා තිබෙනවා.
පොලිසිය පැවසුවේ, එම අවස්ථාවේදී නිවස තුළ සිර වී සිට දරුවා බියට පත් වී දෙවැනි මහලෙන් බිමට පැන ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ නිවසේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෙසෙල්වත්ත පොලිසිය ආරම්භ කර තිබෙනවා.

Follow US

Most Viewed Stories