අධිපතිවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපතිගෙන් ඉල්ලීමක්

Tuesday, 15 April 2025 - 17:53

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%2C+%E0%B6%92%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අධිපතිවාදය, ඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදයට එක්ව විරුද්ධ වන ලෙස චීන ජනපති ෂී ජින්පිං ඉල්ලීමක් කරනවා.

චීන ජනාධිපතිවරයා මේ දිනවල වියට්නාමයේ නිල සංචාරයකට එක්ව සිටින අතර චීන ජනපතිවරයා එරට අග්‍රාමාත්‍ය පාම් මින් චින් හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ.

ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය ඒකාබද්ධව ආරක්ෂා කිරීමට මෙන්ම ආසියාවේ හා ඉන් ඔබ්බට සාමය, ස්ථාවරත්වය, සංවර්ධනය සහ සමෘද්ධිය ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරීම, ගෝලීය ආරක්ෂක මුලපිරීම හා ගෝලීය ශිෂ්ඨාචාර මුලපිරීම ක්‍රියාත්මක කරන ලෙසත් චීන ජනපති ෂී ජින්පිං එහිදී අවධාරණය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories