අකුරැස්ස, හුළංදාව ඕලු දොළ හරහා ගමනාගමන කටයුතු ඉටු කර ගැනීමට පාලමක් නොමැති වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දී සිය දුෂ්කරතාව අවසන් කරදෙන ලෙසයි.
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලේනම උතුර, ග්‍රාම නිලධාරී වසමේ හුළංදාව ගම්මානය පිහිටා තිබෙනවා.
හුළංදාව- කෑකිල්ල මාර්ගයේ ඕලු දොළ හරහා ගමන් කිරීමට පාලමක් නොමැතිවීමෙන් මෙම ගම්වැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.
ගම්මානයේ පවුල් 75කට අධික පිරිසක් ජීවත් වන අතර ඔවුන් පවසන්නේ මෙම ගැටලුව හමුවේ සිය ආර්ථිකයට බලවත් තර්ජනයක් එල්ල වී ඇති අතර දෛනික කටයුතුද අඩාල වී ඇති බවයි.
තේ දළු නෙලීම වෘත්තිය කරගත් මෙම ජනතාවට දළු රැගෙන ඒමත් මේ හේතුවෙන් දැඩි දුෂ්කර කාර්යක් බවට පත්ව ඇති අතර පාසල් දරුවන්ටද සිප් සතර හැදෑරීමට දිනපතා ඕලු දොළ තරණය කිරීමට සිදුවීමෙන් ඔවුන්ගේ වටිනා කාලයත් ශ්‍රමයත් අපතේ යන බවයි ගම්වැසියන් පවසන්නේ.
වර්ෂා කාලයේදී දොළේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පාසල් කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ ඇණ හිටින අතර රෝගී තත්ත්වයකදී ජිවිත අනතුරේ හෙළා කටයුතු කිරීමට සිදුවන බවයි ගම්වැසියන් පවසන්නේ.
මේ හේතුවෙන් ගම්වැසියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය ගමනාගමන ගැටලුව පිළිබඳ අවධානය යොමු කර ඕලු දොළ හරහා කඩිනමින් පාලමක් ඉදි කර දීමට කටයුතු කරන ලෙසයි.

Follow US

Most Viewed Stories