රුපියල් ලක්ෂ 25ක් පමණ විටිනා යතුරුපැදි රැසක් සමග යතුරුපැදි සොරකමේ නිරත කල්ලියක පුද්ගලයන් සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගල්නෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ සමග යතුරු පැදි 09ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් විසින් සොරකම් කර තිබූ මෙම යතුරු පැදි තොගය තඹුත්තේගම නවසිරිගම නිවසක් තුල සඟවා තිබියදී සොයා ගැනීමට හැකිව තිබෙනවා.
මෙම යතුරු පැදි සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් නවසිරිගම(තඹුත්තේගම), යාය 03 දකුනු ඉවුර(රාජාංගනය), කටියාව(එප්පාවල) යන ප්‍රදේශවල පදිංචිකරුවෝ බවයි පොලිසිය පවසන්නේ.
මෙම යතුරු පැදි සොරකමේ ප්‍රධාන සැකකරු එප්පාවල කටියාව පදිංචි 27 හැවිරිදි තරුණයකු බවට පොලිසිය හඳුනාගෙන තිබෙනවා.
සැකකරුවන් සිව් දෙනා කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 දක්වා රක්ෂීත බන්ධනාගාර ගතකර තිබෙනවා.

Follow US

Most Viewed Stories