නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමු වී තමන් සාකච්ඡා කළ බව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.
අප කළ විමසීමකදී ඔහු පැවසුවේ, පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස ගොස් ඔහු හමු වූ බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ, සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල කටයුතු කිරීම හේතුවෙන් ඔහුගේ ඉල්ලීමට අවස්ථාව දුන් බවයි.
පැය භාගයක කාලයක් තමන්ට හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ සාකච්ඡා කිරීමට මෙහිදී අවස්ථාව හිමිවූ බව උදය ගම්මන්පිල කියා සිටියා. එහිදී තමන් සිරමැදිරියක් තුළ ගෙවන වේදනාත්මක ජීවිතය පිළිබදව පිල්ලෙයාන් කරුණු පැහැදිලි කර ඇති අතර, ඇතැම් අවස්ථාවල පිල්ලෙයාන් කඳුලු සලමින් හඬා වැටුණු බව ද නීතීඥ උදය ගම්මන්පිල පැවසුවා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද, දැනට රදවාගෙන ප්‍රශ්න කෙරෙන පිල්ලෙයාන් සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණා.
කෙසේ වෙතත් එම ඉල්ලීමට අවස්ථාවක් නොදුන් බවත්, එලෙස රැඳවුම් භාරයේ සිටින සැකකරුවෙකු සමග දුරකථනයෙන් කතා කිරීම නීතිවිරෝධී බවත් අමාත්‍ය ආනන්ද විජේපාල සදහන් කළා.
නැගෙනහිර විශ්වවිද්‍යලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පසුගිය 8 වනදායි.
මේ වනවිට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කෙරෙන්නේ දින 90 ක රැදවුම් නියෝග යටතේයි.

Follow US

Most Viewed Stories