මෝදි විවෘත කළ දඹුල්ල ශීතාගාරයට, හර්ෂ ද සිල්වා යයි (වීඩියෝ)

Tuesday, 15 April 2025 - 20:26

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%81%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඉන්දීය අග්‍රාමාත්‍යය නරේන්ද්‍ර මෝදි අතින් පසුගියදා විවෘත වූ දඹුල්ල කෘෂි ගබඩා සංකීර්ණය, තවමත් විවෘත කිරීමකට පමණක් සීමා වී ඇති බව,සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ, අද පෙරවරුවේ එම ගබඩා සංකීර්ණයේ නීරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේදී සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින්.

එම ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කළේ යහපාලන රජයෙන් බවත්, වැඩ අවසන් කර ගැනීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටියදී පවා තමන් දැඩි වෙහෙසක් ගත් බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා චෝදනා කළ අතර ඔහු සඳහන් කළේ, එම සංකීර්ණයට යොදා තිබූ ”‍ප්‍රභාෂ්වර”‍ යන නාමය ද වත්මන් ආණ්ඩුව ඉවත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories