අපනයන සඳහා පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමේ ඊළඟ අදියර සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කර ඇති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (8) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු පැවසුවේ, ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ කාලෝචිත සාකච්ඡාවලට සම්බන්ධ වීමට හැකි වූ බැවින් සාකච්ඡාවල සතුටුදායක ප්‍රගතියක් ඇති බවයි.
අප්‍රේල් 2 වන දින, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය වෙළඳ හවුල්කරුවන් 180 දෙනෙකු සඳහා අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ශ්‍රී ලංකාව ඇමරිකා එක්සත් ජනපදයට කරන අපනයන සඳහා 44% ක තීරුබදුවක් පැනවූ නමුත් පසුව චීනය හැර දින 90 කට තීරුබදු අත්හිටුවන ලද අතර එමඟින් වඩා හොඳ ගනුදෙනුවක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ වුණා.
ඇමරිකා එක්සත් ජනපදය දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ වැදගත්ම අපනයන ගමනාන්තය වී ඇති අතර එය 2024 දී මුළු වෙළඳ භාණ්ඩ අපනයනයෙන් 23%.
ශ්‍රී ලංකාව 2024 දී ඇමරිකා එක්සත් ජනපදයට ඩොලර් බිලියන 3.4 ක් වටිනා භාණ්ඩ අපනයනය කළ අතර ඉන් 70% ක් ඇඟලුම් අංශයෙන් වන අතර, පසුගිය වසරේ ඇමරිකා එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාව ආනයනය කළ භාණ්ඩ ප්‍රමාණය ඩොලර් මිලියන 368.2ක් බව සඳහන්.
ශ්‍රී ලංකාව පැත්තෙන් සිදු කෙරෙන කටයුතු සහ රට එක්සත් ජනපදය සමඟ තීරුබදු සහ තීරුබදු නොවන සාකච්ඡාවලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ ලිපි හුවමාරු කර ගත් බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය සමඟ භෞතික සාකච්ඡා වට දෙකක් සාර්ථකව අවසන් කළ බවත්, මේ වන විට කැබිනට් අනුමැතිය ලබා ගනිමින් පවතින ඊළඟ සාකච්ඡා වටය සඳහා ආරාධනා කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ.
Follow US







Most Viewed Stories