බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් හමුදා සෙබළුන් 6 දෙනෙකුට දිවි අහිමි වෙයි

Friday, 09 May 2025 - 11:11

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+212+%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+6+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙල් 212 හෙලිකොප්ටර් අනතුරෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදා තුවක්කුකරුවන් විශේෂ බලකායේ සාමාජිකයින් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබූ ඔවුන් පොලොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවූ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ප්‍රදේශයට අද උදෑසන කඩා වැටුණා.

මාදුරුඔය - කමාන්ඩෝ යුද හමුදා කදවුරේ පුහුණු සැසියක් සදහායි මෙම හෙළිකොප්ටර් යානය ගමන් කර තිබුණේ.

මේ අතර ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටීමේ සිද්ධිය පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෘප් කපිතාන් එරන්ද ගීගනගේ පැවසුවේ ගුවන් හමුදාපතිවරයා විසින් මෙලෙස 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories